අතීතයේ සිටම සත්ත්ව පාලනය ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් විය. මී ගවයින් හා එළ ගවයින් ඇති කිරීම එහි ලා ප්රමුඛත්වයක් ගත්තේය. මේ වන විට ඌරන්, එළුවන්, බැටළුවන් හා කුකුලන් ඇති කිරීම සත්ත්ව පාලන ක්ෂේත්‍රෙයහි වැදගත් තැනක් හිමි කරගෙන ඇත.
දැනට බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් විසින් විශේෂීකරණය වූ සත්ත්ව ගොවිපළ සාර්ථකව පවත්වා ගැනේ.
ප්‍රධාන සත්ත්ව නිෂ්පාදන අතර කිරි, මස්, බිත්තර වැදගත් තැනක් ගනී.
ශ්‍රී ලංකාවේ වර්තමාන කිරි නිෂ්පාදනය මඟින් සපුරාලිය හැක්කේ දේශීය කිරි අවශ්‍යතාවෙන් 15% ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. වාර්ශිකව විශාල විනිමයක් වැය කර ඉතිරි අවශ්‍යතාව විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. දියුණු රටවල් හා සසඳා බලන විට ශ්‍රී ලාංකිකයින්ගේ සත්ත්ව නිෂ්පාදන පරිබෝජනය ඇත්තේ පහළ මට්ටමකය.
ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදනයේ ඇති වැදගත්කම:
- ජනතාවගේ නිරෝගී පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන ලබා දෙන ප්‍රධාන ප්‍රබවයයි.
- රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා සැපයිය හැකි ප්‍රධාන මාර්ගයකි.
- ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව වැඩෙන තෘණ හා මිනිසාට ඍජුව ආහාරයට ගත නොහැකි කොළ වර්ග පෝෂ්‍යදායී ආහාර බවට පරිවර්තනය කෙරෙන ප්‍රධාන මාර්ගයකි.
- කෘෂිකාර්මික අතුරු නිෂ්පාදන ඵලදායි ලෙස සත්ත්ව ආහාර වශයෙන් යොදා ගත හැකිවේ.
- කෘෂිකාර්මික බෝග සමඟ සත්ත්ව පාලනය කිරීමෙන් ආදායම් විවිධාංගීකරණය තුළින් අවධානම අඩුවේ.
- සත්ත්ව පාලනයේ අතුරු ඵල වන සම්, ඇට, ලෝම, අං ආදිය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගත හැකි වේ.
- සතුන්ගේ අතුරණු, මලපහ ආදිය උසස් තත්ත්වයේ කාබනික පොහොර ලෙස භාවිතා කල හැකිවේ.
- කෘෂි බෝග වගාව සිදුකළ නොහැකි භූමිවල පවා සත්ත්ව පාලනය කළ හැකි වේ.
- පාසල් යන දරුවන්ගේ හා ගෘහණියන්ගේ ශ්‍රමය සත්ත්ව පාලනය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම පවුලේ පෝෂණය වර්ධනයට හා අමතර ආදායමක් ලබා ගැනීමට උපකාරී වේ.
ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය සඳහා ඇති විභවය:
- විවිධ සත්ත්ව වරිග වලට ගැළපෙන විවිධ දේශගුණික කලාප රාශියක් තිබීම.
- උඩරට ප්‍රදේශ - යුරෝපීය ගව වර්ග
- වියළි කලාපය - ඉන්දීය ගව වර්ග
- ශුශ්ක ප්‍රදේශ - එළු පාලනය
- වෙරළබඩ ප්‍රදේශ - ඌරු පාලනය
- පොල් ත්‍රිකෝණය - ගව, එළු හා බැටළු පාලනය
- ජලාශ්‍රිත ප්‍රදේශ - තාරාවන් ඇති කිරීම
- තෘණ සපයා ගත හැකි ඉඩම් රාශියක් තිබීම.
- පොල් වගා
- ලඳු කැලෑ
- විල්ලු
- කුඹුරු වල නියර
- සත්ත්ව පාලනය සඳහා යොදා ගත හැකි ඉඩම් විශාල ප්‍රමාණයක් තිබීම.
- රැකියා විරහිත තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා යොමු කළ හැකි වීම.
- සත්ත්ව නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් මෙන්ම වෙළඳපොලක් තිබීම.
- සත්ත්ව ආහාර ලෙස යොදා ගත හැකි කෘෂිකාර්මික අතුරු ඵල රාශියක් තිබීම.
- පොල් පුන්නක්කු
- මොලෑසස්
- සහල් නිවුඩු
- පිදුරු වැනි බෝග අවශේෂ
- සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු යටතේ ශ්‍රී ලංකාව පුරා පැතිරුණු පශු වෛද්‍ය කාර්යාල පද්ධතියක් තිබීම හා එමඟින් සත්ත්ව පාලන උපදෙස් හා පශු වෛද්‍ය සේවා නොමිලේ සැපයීම.
- සත්ත්ව පාලනය සඳහා සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම.
බහුල ව ඇති කරනු ලබන සත්ත්ව වර්ග:
- එළ ගවයින්
- මී ගවයින්
- කුකුළන්
- ඌරන්
- එළුවන්